පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (24) නියම කළේය.
නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව කැඳවූ අතර, එහිදී විත්තියේ දේශන අවසන් කෙරිණි. දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 08 වනදා ලබා දෙන ලෙසට මෙහිදී අධිකරණය නියෝග කර ඇත.
නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. මෙම දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ගේ පාපොච්චාරණ 10 ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, පුපුරන ද්‍රව්‍ය, ආයුධ සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 2,076 ක් මෙන්ම රස පරීක්ෂක, DNA සහ වෛද්‍ය වාර්තා විශාල ප්‍රමාණයක් ද ලකුණු කර ඇති බව අධිකරණයේදී හෙළි විය.
















