නව ඇමෙරිකානු වීසා නීති ක්‍රියාත්මක වීමට නියමිත සැප්තැම්බර් 15 වන දිනට පෙර යළි ඇමෙරිකාවට පැමිණෙන ලෙස හාවර්ඩ් විශ්වවිද්‍යාලය සිය ජාත්‍යන්තර සිසුන්ට සහ විද්වතුන්ට අවවාද කර තිබේ.
F-1 සහ J-1 වීසා දරන්නන් සඳහා බලපැවැත්වෙන මෙම නව නීති යටතේ මෙතෙක් පැවැති “තත්ත්වයේ කාලය” (Duration of Status) ක්‍රමය අහෝසි වී, නිශ්චිත අවසන් දිනයක් සහිත රැඳී සිටීමේ කාලසීමාවක් හඳුන්වා දීමට නියමිතය. සැප්තැම්බර් 15 වනදායින් පසු විදේශ සංචාරවල යෙදී යළි පැමිණෙන සිසුන්ට මෙම නව රෙගුලාසි සෘජුවම බලපෑ හැකි බැවින්, ඉදිරි සංචාර සැලසුම් කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසත් විශ්වවිද්‍යාලයේ මාර්ගෝපදේශ තදින් අනුගමනය කරන ලෙසත් හාවර්ඩ් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත.
















