දිගු කලක සිට ‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමවේදය භාවිත කරමින් ගාල්ල නගරය කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, ගල්වඩුගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු කිසිදු සැකයක් ඇති නොවන පරිදි ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි. දිගු කලක් තිස්සේ පොලිස් අත්අඩංගුවට පත් නොවී මඟහරිමින් සිටි මොහු, හෙට (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි
















