කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පැතිර යන නවතම ඊබෝලා (Ebola) වෛරස් ආසාදනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 930 දක්වා ඉහළ ගොස් ඇති අතර, තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,344 සීමාව පසුකර තිබේ. සෙනසුරාදා දිනයේ පමණක් පැය 24ක් ඇතුළත මරණ 37ක් වාර්තා වී ඇති අතර, එය මැයි 15 වනදා වෛරසය පැතිර යාම ආරම්භ වූ පසු සිදුවූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවන්ගෙන් එකකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Tedros Adhanom Ghebreyesus) පෙන්වා දෙන්නේ පෙර පැවති ඊබෝලා ව්‍යාප්තීන්ට වඩා ඉතා වේගයෙන් මෙය පැතිර යන බවයි. තහවුරු වූ රෝගීන් 2,000 සීමාවට පැමිණීමට පසුගිය වතාවේ මාස 10කට වැඩි කාලයක් ගත වුවද, මෙවර ඒ සඳහා ගතවී ඇත්තේ මාස 2ක තරම් කෙටි කාලයකි. ස සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජන සහ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හමුවේ රෝගය පාලනය කිරීම කොංගෝ බලධාරීන්ට දැඩි අභියෝගයක් වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















