ස්පාඤ්ඤයට එරෙහිව පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයෙන් ලැබූ පරාජයෙන් අනතුරුව, ආර්ජන්ටිනා නායක ලියොනල් මෙසි (Lionel Messi) සිය අනුගාමිකයින් සහ ආර්ජන්ටිනා ජනතාව වෙත විශේෂ සංවේදී පණිවුඩයක් යොමුකර තිබේ.
ලිපියක් නිකුත් කරමින් මෙසි සඳහන් කරන්නේ මෙම පරාජයේ වේදනාව ඉතා විශාල බවත්, එම තුවාලය සුවවීමට කාලයක් ගතවනු ඇති බවත්ය. කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස ලබාගත් ජයග්‍රහණ සහ කැපවීම ගැන ආඩම්බර වන බව පවසන ඔහු, අඛණ්ඩව ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකට සුදුසුකම් ලැබීම සුළුපටු කාරණයක් නොවන බව පෙන්වා දෙයි. මුළු රටක් ලෙස තමන් වටා රොක්වූ ප්‍රේක්ෂකයින්ට හදවතින්ම ස්තූතිය පුදකරන මෙසි, ලෝක කුසලානය දිනූ ස්පාඤ්ඤ කණ්ඩායමටද සිය සුබපැතුම් පිරිනමා ඇත.
















