• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල් කොහු සහ කෙඳි මිල ඉහළ යාම පාලනය කිරීමට නව සැපයුම් දාමයක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කඩිනම් සහන පියවර රැසක්

23 June 2026
in දේශීය, පුවත්
පොල් කොහු සහ කෙඳි මිල ඉහළ යාම පාලනය කිරීමට නව සැපයුම් දාමයක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කඩිනම් සහන පියවර රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් වන පොල් කොහු සහ කෙඳි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණ දී ඇති දැඩි අමුද්‍රව්‍ය හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සක්‍රියව මැදිහත් වී තිබෙනවා. 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 294ක අපනයන ආදායමක් උපයා ගනිමින් සියයට 22.5ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ මෙම ක්ෂේත්‍රය, දැනට පවතින කෙඳි හිඟය හේතුවෙන් ජාත්‍යන්තර ඇණවුම් නියමිත වේලාවට ලබා දීමට නොහැකිව දැඩි බලපෑමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කර්මාන්තයේ ස්ථාවරත්වය උදෙසා කෙටි හා දිගුකාලීන උපායමාර්ගික පියවර හඳුනා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ මුලසුනත්වයෙන් පසුගියදා පැවැත්වුණා. සැපයුම් දාමය විධිමත් කිරීම සහ අපනයනකරුවන්ට ප්‍රතිපත්තිමය සහන සැලසීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ (CCB) සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි, EDB අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනක් සංජීව බදුගම, ජාතික ශාක නිරෝධායන සේවයේ (NPQS) අතිරේක අධ්‍යක්ෂ ජී.ජී.ඩී. ලලානි, පොල් සංවර්ධන අධිකාරියේ (CDA) සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ කේ.ඒ.එන්.පී. කනුගල සහ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ පොල් පර්යේෂණ ආයතනයේ (CRI) වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය නයනි එස්. ආරච්චිගේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
එමෙන්ම පෞද්ගලික අංශය සහ කර්මාන්ත සංගම් වෙනුවෙන් ශ්‍රී ලංකා කොහු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සංගමය, පොල් ආශ්‍රිත උපස්තර අපනයනකරුවන්ගේ සංගමය, ලංකා කොහු කෙඳි නිෂ්පාදකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ද මේ සඳහා එක්ව සිටියහ. පොල් කෙඳි අපනයන අංශය මුහුණ දෙන ව්‍යූහාත්මක සහ මෙහෙයුම් අභියෝග ජය ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය සහ සක්‍රිය සම්බන්ධීකරණ භූමිකාව අඛණ්ඩව ඉටු කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය මෙහිදී සහතික කර සිටියේය.
Post Views: 3
Previous Post

මැයි මාසයේ ලංකාවේ නිෂ්පාදන සහ සේවා අංශ ශීඝ්‍රයෙන් ඉහළට

Next Post

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා සභාපතිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved