• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපන ශිෂ්‍යත්ව පිළිබඳ සාකච්ඡාවක් මෙරට ප්‍රංශ තානාපති හා අගමැති අතර සාකච්ඡාවක්

4 November 2020
in සංවර්ධන

අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදිය.

රාජ්‍ය අංශයේ සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කළ තානාපතිවරයා,කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනාත්මකව අගය කළේය.

“අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බව සඳහන් කළේය.

ඒ තුළින් පිළිඹිබුවන්නේ ශ්‍රී ලංකාවේ ඉතා හොඳ සෞඛ්‍ය යටිතල ව්‍යුහයක් පවතින බව යැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතාවය වී ඇති බවයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද කියා සිටියේය.

ඒ තුළින් දෙරට අතර වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ වැඩි ඉඩකඩක් ඇති බව තානාපතිවරයා විශ්වාසය පළ කළේය.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා දෙරටම උනන්දුවෙන් පසුවෙති.

ශ්‍රී ලංකාව ප්‍රංශයට කරන ප්‍රධාන අපනයන අතර ඇඟලුම්, වටිනා ගල්වර්ග සහ වායුමය රබර් ටයර් ඇතුළත් වේ.

Post Views: 16
Previous Post

කොවිඩ් මර්දනය සඳහා සැකසුණු “සුවෙන් සිටිමු” ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි

Next Post

20 වන සංශෝධනයේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය ගැන පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්ව සාකච්ඡා කරයි

editor

editor

Next Post

20 වන සංශෝධනයේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය ගැන පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්ව සාකච්ඡා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved