27 April 2024
#දේශීය

20 වන සංශෝධනයේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය ගැන පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්ව සාකච්ඡා කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පිලිබඳ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සභාවේ පැවැත්විණි.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පස්වරු 4.00 පමණ සිට පැයකට වැඩි කාලයක් පැවති මෙම රැස්වීමේදී පළමුව අදහස් දැක්වූ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවට එක්වූ සියළු සාමාජිකයන් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියළුදෙනාට ආරාධනා කළේය.

ඉන්පසු කථානායකවරයාගේ උපදෙස් පරිදි මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන ලදී.

ඉන්පසුව එහි සාමාජිකයන් ඉදිරියේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඒ සම්බන්ධව ගතයුතු පියවර සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණියහ.

අනතුරුව ලබන නොවැම්බර් 10 වන දින පෙරවරු 10 ට සභාව යළි රැස්කිරීමට තීරණය විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *