එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපා ඇති දැඩි වියළි කාලගුණය නිසා මේ වන විට අක්කර 8,000 ක පමණ වගා හානි සිදුව ගොවීන් 7,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 25,628 ක පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් වෙනුවෙන් පානීය ජලය බෙදාහැරීම ඉහළ දමා ඇති බවයි.
ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 55% දක්වා පහළ බැස තිබුණද ඉදිරි වර්ෂාවත් සමඟ මහ කන්නයේ වගා කටයුතු ඇරඹීමට සූදානම් වන ලෙස ජල කළමනාකරණ ඒකකය ගොවීන්ගෙන් ඉල්ලා සිටී. පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන අතර, නැගෙනහිර, උතුරුමැද සහ මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක හෙට දිනයේ උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි ද සඳහන් කරයි.














