මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ කෘෂිකර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් 2026 වසරේ මේ දක්වා රුපියල් මිලියන 75,000 කට අධික ණය මුදලක් නිදහස් කර ඇති බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2026 අයවැය මඟින් මේ සඳහා වෙන් කළ රුපියල් මිලියන 95,000 ක අරමුදලෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් ලබාදී අවසන්ය.
මීට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යවසායකයින් 3,966 දෙනෙකුට 3% සහන පොලියට රුපියල් මිලියන 8,000 ක්, අක්‍රීය ණය සහිත ව්‍යාපාරවලට කාරක ප්‍රාග්ධන ණය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ “සරුසාර” ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 26,000 ක් ද ලබා දී තිබේ. එමෙන්ම වී මිලදී ගැනීම දිරිමත් කිරීමට රුපියල් මිලියන 11,000 ක ණය පහසුකම් ලබා දී ඇති අතර, ඉදිරි යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 7,500 ක් වෙන් කර ඇත.














