ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම සඳහා එළඹෙන මැයි 27 වැනිදා එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව විසින් මෙතෙක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දැඩි අවධානයට ලක් වනු ඇත.
මෙම ඇගයීම සාර්ථකව නිමවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ ණය වාරිකයන් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා මෙම සමාලෝචනය සහ ණය වාරික නිදහස් වීම අතිශය තීරණාත්මක පියවරක් වනු ඇත.














