27 April 2024
#දේශීය

මැතිවරණ සටන හුදකලා සටනක් වෙලා – ලාන්සා කියයි

විපක්ෂයේ පිල් බෙදීමත්, අසමගියත් හේතුවෙන් මැතිවරණ සටන හුදකලා සටනක් වී ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැසුවේ ඊයේ(09) දින මීගමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.

විපක්ෂයේ පිල් බෙදීමත් අසමගිය වර්ධනය වීමත් සමග ඔවුන් එකිනෙකාට දෝෂාරෝපනය කර ගැනීම හැර ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු වැඩපිළිවෙල පිළිබද මතයක් සමාජගත නොකරන බවත් ආණ්ඩුව විසින් ගනු ලබන රටට යහපතක් වන සියළුම දෑ විවේචනය කරමින් සිය පටු දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම නිසා ජනතා ප්‍රසාදය දිනෙන් දින අහිමි වෙමින් පවතින බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට නිවැරදිව පාලනය කරනු ඇති බවට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් ගොඩනැගී ඇති අතර ඉදිරි මැතිවරණයේදී එම විශ්වාසය නැවත වරක් තහවුරු වෙන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *