27 April 2024
#දේශීය

හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව කඩිනමින් විසදීමට පියවර – සුව ඇමැති

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) දින කළුතර පන්විලහේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධි රාජවිහාරස්ථානයේ 03 වන වරටත් පැවැත්වූ බිනර මහා පෙරහැරේ කරඩුව තැන්පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “මම පෙරහැර සංස්කෘතිය සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සුදානම්. දැනට හීලෑ අලි ඇතුන් 38 ක් රජය භාරයේ සිටිනවා. ඉන් 35 කට බලපත්‍ර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෝ ඉදිරිපත් කර මෙම බලපත්‍ර සහිත අලි ඇතුන් නිදහස් කර පෙරහැර සංස්කෘතියට ලබාදිය යුතුයි. එලෙස ලබාගත් අලි ඇතුන් මම සොලොස්මස්ථානය වැද පුදා ගැනීමට පවා රැගෙන යනවා. මෙම පිංකම සිදු කිරීමෙන් ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. දැනට පෙරහැර සංස්කෘතිය සදහා හීලෑ අලි ඇතුන් සිටින්නේ 100 ක් පමණයි. කළුතර කළු ගඟට කරදිය මිශ්‍රවීම නිසා ජනතාව පානීය ජල අර්බුධයකට මුහුණ දී සිටිනවා. දැනට බවුසර් මගින් ජලය බෙදා හැරියත් එය සාර්ථක නැහැ. කළු ගඟට කරදිය මුසුවිම වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවට අවශ්‍ය සහනය සැලසීමට මැති ඇමැතිවරු මුල්විය යුතුයි. කළුතර දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් අතර මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වී තිබෙනවා. මෙම ජාවාරමෙන් තරුණ තරුණයින් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. කළුතර මතින් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාව තිබෙනවා.”යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *