වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීම හෝ ගොවීන්ට වෙනත් සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
















