ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික හා සංචාරක ආකර්ෂණය දිනාගත් ‘නිල්දිය පොකුණ’ භූගත ජලාශය අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කඩිනමින් මහජනතාව සඳහා යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලය පවසයි.
ජල සාම්පල පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් නමුත්, පොලිසියේ මැදිහත්වීමෙන් සාර්ථකව සාම්පල ලබා ගැනීමට හැකි විය. උමඟ තුළ සන්නිවේදනය සඳහා ‘වෝකිටෝකි’ භාවිතය, දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ ආරක්ෂිත හිස්වැසුම් හා කඹ ලබාගැනීම සඳහා විශේෂ ස්ථාන පිහිටුවීම වැනි මූලික ආරක්ෂිත පියවර රැසක් යටතේ මෙය සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය.
















