ඊපීඑෆ් (EPF) සහ ඊටීඑෆ් (ETF) අරමුදල්වලට අදාළව ගෙවීම් පැහැර හරින ලද ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ අනුව අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන විසින් ගෙවීම් පැහැර හැර ඇති හිඟ මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට කඩිනම් කර ඇති අතර, අර්ධ රාජ්‍ය අංශයේ හිඟ ඊපීඑෆ් මුදල් සඳහා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 3.4 ක මුදලක් වෙන් කර දී තිබේ. මීට අමතරව, මෙතෙක් ක්‍රියාත්මක නොවූ විවෘත වරෙන්තු සහ අක්‍රිය වී තිබූ නඩු යළි සක්‍රිය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















