එල්නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා හානිවලට මුහුණ දුන් ගොවීන් සඳහා වන්දි ගෙවීම් කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති අයි.යූ.කේ. කළුආරච්චි මහතා පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙම වන්දි ගෙවීම් ආරම්භ කිරීමට නියමිත අතර, ඉදිරි සති දෙකක් ඇතුළත එම කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව, එළඹෙන මහ කන්නයේදී කෘෂි ආයතනවල උපදෙස් මත නිසි වගා කාලසටහනකට අනුව වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.














