දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (සැප්තැම්බර් 06) සිදුවූ රිය අනතුරුවලින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තණමල්විල – හම්බේගමුව මාර්ගයේ අරඹේකෙම ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 43 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇත.
කඩවත නගරයේ පිටත වටරවුම් මාර්ගයේ ශරීර සුවතා උයන ආසන්නයේදී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු (58) මියගොස් ඇති අතර, වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල – බදුල්ල මාර්ගයේ තොලොබොවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවක් (50) පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.














