හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැළියට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා නොමැති අඩුව නොදැනෙන්නට මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයට පැමිණෙන බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මෙම ජන රැළිය ලබන 12 වැනිදා අනිවාර්යයෙන්ම පවත්වන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.














