විදුලි ජනන වියදම් ඉහළ යෑම හේතුවෙන් විදුලි ගාස්තු 18%කින් වැඩි කිරීමට තීරණය කළත්, එහි බලපෑම එල්ල වන්නේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් 4.06%කට පමණක් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමස්ත ගෘහස්ථ පාරිභෝගිකයින් ලක්ෂ 67ක් අතුරින්, ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන ලක්ෂ 64කට අධික පිරිසකට මෙම මිල වැඩිවීම බලනොපාන බවයි. එසේම ආගමික මධ්‍යස්ථාන, හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අඩු ඒකක ප්‍රමාණයක් භාවිතා කරන්නන්ටද මෙයින් සහනයක් හිමිවේ.
මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යෑම සහ ප්‍රමාණවත් වර්ෂාව නොලැබීම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතු වී ඇත. විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය රුපියල් මිලියන 27,016කින් පමණ ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා නැවත විදුලි බිල සංශෝධනයක් සිදු නොවන බවට අමාත්‍යවරයා සහතික වී තිබේ.














