හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (11) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි. එහිදී අනාවරණය වූයේ 2011, 2013, 2015 සහ 2022 යන වසරවලට අදාළව ඔහු වත්කම්-බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගෙන් අවසර ලැබී ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා වාර්තා කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.















