එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට පළ වන වාර්තා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද් මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකු අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම අපේක්ෂා කරන බවයි. මෙම දැඩි දේශපාලන බලපෑම් හමුවේ වුවද තමා තවදුරටත් ධුරයේ රැඳී සිටින බවත්, තමා විවේචනය කරන පිරිස වැරදි බව ඔප්පු කරන බවත් අග්‍රාමාත්‍ය ස්ටාර්මර් මහතා අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලැබූ පරාජයත් සමඟ රජයේ අමාත්‍යවරුන් රැසක් මේ වන විටත් තම ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පක්ෂය තුළින්ම මෙලෙස විරෝධතා මතු වී ඇත්තේ එම මැතිවරණ පසුබෑමත් සමඟ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.














