• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් ව්‍යාපාර සැළසුම් 783ක් දිවයින පුරා

14 August 2018
in ව්‍යාපාර

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ,තුරුණු දිරිය,ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැළසුම් 783ක් සකස් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ( SEDD ) විසින් පවසයි.

එහිදී තරුණ ව්‍යවසායකයින් 1030ක් මේ සඳහා සුදුසුකම් ලැබ සිටින අතර ව්‍යාපාර සැළසුම් 390ක් දිවයින පුරා ලංකා බැංකු ශාඛා වෙත බාර දී තිබේ.

තරුණ ව්‍යවසායකයින්ගේ ආර්ථික අභිවෘද්ධිය අරමුණු කරගත් ,තුරුණු දිරිය, ණය යෝජනා ක්‍රමය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ලදී. මෙය, වයස අවුරුදු 35ට අඩුල උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, අවම වශයෙන් වසර 03ක් ව්‍යාපාරයේ නියුතුල හැකියාවැති, තරුණ ව්‍යවසායකයින් උදෙසා වන විශේෂ ණය යෝජනා ක්‍රමයකි.

මෙම ණය යෝජනා ක්‍රමයේ ආවේණික හා ආකර්ශනීය ප්‍රතිලාභ වන ඇප නොමැතිව හෝ ලිහිල් ඇප සහිතව ණය ලබා ගැනීමට ඇති හැකියාව හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පුරා විශාල ප්‍රමාණයක් තරුණ ව්‍යවසායකයින් මේ සඳහා ආකර්ශනය වී ඇත.

තුරුණු දිරිය, ණය යෝජනා ක්‍රමයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පළාත් වශයෙන් ක්‍රියාත්මක වේ. බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් දැනටමත් පවත්වා අවසන් අතර අනෙකුත් පළාත් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම් ඔක්තෝබර් මස මුල වන විට අවසන් කිරීමට සැළසුම් කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමයට අදාළ වැඩි දුර තොරතුරු ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකි බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි.

Post Views: 16
Previous Post

ජනාධිපතිවරණය 2019 දී – හිටපු ජනපති කියයි

Next Post

ආහාර පර්යේෂණාගාරය අපේ ඉලක්කය – ඇමැති රිෂාඩ්

editor

editor

Next Post

ආහාර පර්යේෂණාගාරය අපේ ඉලක්කය - ඇමැති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved