මෙම සම්මාන උළෙල ප්‍රධාන අංශ තුනක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ යටතට කර්මාන්ත අංශය, ව්‍යාපෘති අංශය මෙන්ම ආයතන, මාධ්‍ය සහ සමාජ අංශය ඇතුළත් වේ. පරිසර හිතකාමී ක්‍රියාකාරකම් දිරිගැන්වීම සහ තිරසාර සංවර්ධනය උදෙසා දායක වන පාර්ශ්වයන් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙහි මූලික අරමුණයි.
මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන වෙත පිවිසීමෙන් අයදුම්පත් සහ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය. එසේම 011-2873447 හෝ 011-2872278 යන දුරකතන අංක ඔස්සේ මෙන්ම 011-2888999 යන ක්ෂණික ඇමතුම් අංකය මගින් ද වැඩිදුර තොරතුරු විමසිය හැකි බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මාධ්‍ය අංශයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා 077-6252288 අංකය ඔස්සේ මාධ්‍ය නිලධාරී ශ්‍රියාන්ජනී ලොකුලියන මෙනෙවිය සම්බන්ධ කර ගත හැකි අතර අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා (072-5064285), සහකාර අධ්‍යක්ෂ සංජීව පුළුකුට්ටිආරච්චි (071-2691109) සහ සහකාර අධ්‍යක්ෂ බණ්ඩාර (077-7960357) යන මහත්ම මහත්මීන්ගෙන් ලබා ගත හැකිය.














