අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මැයි මාසයේදී චීනයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය සඳහා ඔහුගේ පුත්‍රයෙකු වන එරික් ට්‍රම්ප් ද සහභාගී වන බව ට්‍රම්ප් ව්‍යාපාරික ජාලය (Trump Organization) තහවුරු කර තිබේ. මැයි 14 සහ 15 යන දිනවල පැවැත්වෙන මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා එරික් ට්‍රම්ප් සමඟ ඔහුගේ බිරිඳ වන ලාරා ට්‍රම්ප් ද එක්වීමට නියමිතය.
කෙසේ වෙතත්, ට්‍රම්ප් ව්‍යාපාරික ජාලයේ ප්‍රකාශිකා කිම්බර්ලි ඛෙන්සා සඳහන් කර ඇත්තේ එරික් ට්‍රම්ප් මෙම සංචාරයට එක්වුවද, ඔහු චීන බලධාරීන් සමඟ පවත්වන කිසිදු නිල රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට සහභාගී නොවන බවයි. අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය මෙන්ම ගෝලීය වෙළඳ ගැටලු හමුවේ මෙම චීන සංචාරය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉතා ඉහළ වැදගත්කමක් ගනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.














