ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ “මහා පරිමාණ ගිවිසුමක්” (Grand Bargain) ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව උප ජනාධිපති ජේ ඩී වෑන්ස් (JD Vance) ප්‍රකාශ කර තිබේ ජෝර්ජියාවේ පැවැති උත්සවයක් අමතමින් උප ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය සති අන්තයේ පාකිස්තානයේදී පැවැති සාකච්ඡා මගින් විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි
ජනාධිපති ට්‍රම්ප් සොයන්නේ ඉරානය සමඟ ඇති කර ගන්නා කුඩා එකඟතාවක් නොව දෙරට අතර පවතින ගැටලු රාශියක් නිරාකරණය කර ගත හැකි දැවැන්ත දේශපාලන විසඳුමක් බව උප ජනාධිපතිවරයා අවධාරණය කළේය දෙරට අතර පවතින දැඩි අවිශ්වාසය එක රැයකින් විසඳිය නොහැකි වුවද මෙම නව “ට්‍රම්ප්වාදී” (Trumpian) ප්‍රවේශය හරහා කලාපීය සාමය ඇති කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය














