ශ්‍රී ලංකාවේ 29 වැනි ඇමරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරੀ කටයුතු ආරම්භ කිරීම සඳහා නම් කරන ලද එරික් මේයර් (Eric Meyer) මහතා කොළඹට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කිරීමට ලැබීම මෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කිරීම තමා ලැබූ ගෞරවයක් බව ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ප්‍රකාශ කර ඇත. ඇමරිකානු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම, ඇමරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා උදා කර දීම, හවුල් ආරක්ෂක අවශ්‍යතා ශක්තිමත් කිරීම සහ දෙරටේම ජනතාවට සමෘද්ධිය ළඟා කර දීම තම ප්‍රමුඛතා අතර වන බව ද ඔහු පවසා තිබේ.














