ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘බෝධියවත්තේ කුඩු අවිශ්ක’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ජාලයට කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්ත රත්නායක (පොලිස් අංක 97280) නැමැති පොලිස් නිලධාරියෙකු සෘජුවම සහාය දක්වන බවට තොරතුරු වාර්තා වී තිබේ.
කොහුවල සහ ඒ ආශ්රිත ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන්ට, ‘කුඩු අවිශ්ක’ගේ මත්ද්‍රව්‍ය පමණක් අලෙවි කරන ලෙසත් වෙනත් කිසිදු ජාවාරම්කරුවෙකුගෙන් බඩු නොගන්නා ලෙසත් මෙම පොලිස් නිලධාරියා බලපෑම් කර ඇති බව අනාවරණය වී ඇත. මෙම නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරියාට කුඩු අවිශ්ක විසින් කප්පම් මුදල් ලබාදීමට අමතරව ‘කොකේන්’ මත්ද්‍රව්‍යද නොමිලේ ලබාදී ඇති බව හෙළි වී ඇති අතර, දැනටමත් අධික ලෙස කොකේන් පානයට ඇබ්බැහි වී සිටින බව කියන මෙම නිලධාරියාව විධිමත් රුධිර පරීක්ෂණයකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන් සහ පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග ඉල්ලා සිටී. පොලිස් නිල ඇඳුමට දැඩි කැළලක් ඇති කරමින් මත්ද්‍රව්‍ය සහ මුදල් වෙනුවෙන් රාජකාරිය පාවාදෙන මෙවැනි දූෂිතයන්ට එරෙහිව වහාම දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














