• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවිම කඩිනම් කල යුතුයි – ඇමැතිනි පවිත්‍රා

19 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළීවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර අවබෝධතා ගිවිසුමඅද දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ පැලියේටිව් කෙයාර් භාරයේ ප්‍රධානී වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා එම සංවිධානය වෙනුවෙන් ගිවිසුම් ලේඛණයට අත්සන් තැබීය.

මෙරට ජනතාව අතරින් සෑම පැයකටම 04 දෙනෙකු පිළිකා රෝගීන් බවට පත්වනු ඇතැයි හදුනාගෙන ඇති අතර, දිනකට බෝනොවන රෝග වලින් මියයන පිරිස අතරින් දෙදෙනෙකු පිළිකා රෝගී තත්ත්වය නිසා මියයන බව ද සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත.

එම තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට සහ රෝගීන් කලින් හදුනාගෙන ප්‍රතිකාර කටයුතු සදහා යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

එම වැඩපිළිවෙලට අනුව රට තුල පිළිකා වැළැක්වීම, පාලනය, ප්‍රතිකාර සේවා සහ රෝගීන් කල්තියා හදුනා ගැනීමේ සේවාවන් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතු විධිමත් කළ යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දෙන ලදි. ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක ම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 6
Previous Post

ගම්මන්පිලට පක්ෂයක් හැටියට සහාය දෙන බව – මහලේකම් සාගර කියයි

Next Post

කොරෝනා අවධානම පහව ගොස් නැති බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

editor

editor

Next Post

කොරෝනා අවධානම පහව ගොස් නැති බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

3 June 2025
කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

3 June 2025
අද වහින හැටි

අද වහින හැටි

3 June 2025
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025

Recent News

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

3 June 2025
කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

3 June 2025
අද වහින හැටි

අද වහින හැටි

3 June 2025
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

හෙට (04) අහස බලන්න, අලුත් ගුවන් යානය දකින්න…

3 June 2025
කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

කොවිඩ් අවදානම වැඩි උනොත් රට සූදානම් ද ?

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved