• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම සමාජයට විශාල පිටුවහලක් – අධ්‍යාපන ඇමැති

23 April 2021
in දේශීය

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයක් වගේ ම සිංහල-දමිළ-මුස්ලිම් දූ දරුවන්ට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට, අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෝට්ටේ රාහුල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” අපි දන්නවා මේ රටේ සිංහල දරුවන්ට දමිළ භාෂාව කතා කිරීමට ‍සහ අවබෝධ කර ගැනීමට නොහැකි වීම විශාල ගැටලුවක්. ඒවගේ ම දමිළ දරුවන්ට සිංහල භාෂාව කතා කිරීමට සහ අවබෝධ කර ගැනීමට නොහැකිවීම විශාල ගැටලුවක්. තමන්ගේ මවු භාෂාවෙන් පමණක් අධ්‍යාපන කටයුතු කිරීම නිසා ඉංග්‍රිසී භාෂාව පවා ඔවුනට මඟහැරෙනවා. ඒ තුළින් සන්නිවේදන භාෂාවක් අහිමි වෙනවා. ඒක අනෙකා හඳුනා ගැනීමට සහ අනෙකාගේ සිතුම් පැතුම් අව‍බෝධ කරගැනීමට විශාල බාධාවක් . මේ අඩුව ඉක්මනින් පිරවීමට ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම ඉතා ම වැදගත්. ඒ අනුව කෝ‍ට්ටේ රාහුල විද්‍යාලයත් ත්‍රෛභාෂා පාසලක් ලෙස සංවර්ධනය කිරීමට පැමිණ තිබෙන යෝජනාව ඉතා හොඳ එකක්. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ර‍ජයේ ප්‍රමුඛ අරමුණ තමයි දරුවන්ට අංග සම්පූර්ණ සහ කාලෝචිත අධ්‍යාපනයක් ලබා දීම. පන්ති කාමරයට ගිහින් ගුරුවරයාට ඇහුම්කන් දීලා සටහන් ලියාගෙන විභාගයට පෙනී සිට කටපාඩම් කරපු ඒවා ලියලා ලකුණු ගැනීම නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. ජීවිතයේ අභියෝගවලට ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දීම තමයි අරමුණ වෙන්නේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමස්ත පෞරුෂය වර්ධනය කිරීම කළ යුතු යි. ක්‍රීඩා සංවර්ධනය කිරීම කියන්නේ ත් එවැන්නක්. ඒ නිසා මෙය ඉතා ම වටිනා අවස්ථාවක් එසේ ම පාසල් අතර පවතින විෂමතාව මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්නටත් සමාජ අවශ්‍යතා, ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව රටේ අධ්‍යාපනය දිශානුගත කරන්නට ත් අපි කටයුතු කළ යුතු යි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ගුවන්හමුදාපති සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන, විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Post Views: 6
Previous Post

අප්‍රේල් 21 පාර්ලිමේන්තුවේ ගැටුම සෙවීමට කමිටුවක්

Next Post

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ට යුධ හමුදාපතිගෙන් පණිවිඩයක්

editor

editor

Next Post

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ට යුධ හමුදාපතිගෙන් පණිවිඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved