ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ඒතල් කේටර්හැම් (Ethel Caterham) මහත්මිය සිය 117 වැනි උපන්දිනය සමරා තිබේ.
1909 අගෝස්තු 21 වන දින බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් (Hampshire) හි උපත ලබා ඇති ඇය, සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලක හයවැනි දරුවා වේ. ගිනස් ලෝක වාර්තා (Guinness World Records) සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කණ්ඩායම (GRG) මගින් තහවුරු කර ඇති පරිදි, 2025 වසරේදී ලොව වයස්ගතම තැනැත්තිය ලෙස ඇය නිල වශයෙන් වාර්තා අතරට එක්වූවාය.
















