චීනය මත පවතින ආර්ථික යැපීම අවම කිරීමේ සහ වෙළෙඳ හිඟය පියවා ගැනීමේ අරමුණින්, චීනයෙන් ආනයනය කරනු ලබන හයිබ්‍රිඩ් (Hybrid) මෝටර් රථ සඳහා ද අතිරේක තීරුබදු පැනවීමට යුරෝපා කොමිසම (European Commission) සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය සාමාජික රටවලින් අනුමැතිය ලද වහාම මෙම බදු ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ.
චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා අතිරේක බදු පැනවීම 2024 වසරේ අගභාගයේ සිටම ක්‍රියාත්මක වුවද, හයිබ්‍රිඩ් වාහන මෙතෙක් එම බද්දෙන් නිදහස් කර තිබුණි. මෙලෙස බදු නිදහස ලැබීම හේතුවෙන් චීන සන්නාමයක් වන බීවයිඩී (BYD) මෝටර් රථය පසුගිය මැයි මාසය වන විට ජර්මනියේ වැඩිම අලෙවියක් ඇති මෝටර් රථ සන්නාමය බවට පත්වීමට ද සමත් විය. මෙම තත්ත්වය හමුවේ යුරෝපා නායකයන් දුර්ලභ ඛණිජ සම්පත් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සඳහා චීනය මත යැපීම අවම කිරීමට මෙම දැඩි තීරණයට එළඹ ඇති අතර, නව බදු පැනවීමේදී ප්‍රධාන වශයෙන්ම බීවයිඩී (BYD), චෙරි (Chery) සහ සයික් (SAIC) වැනි චීන මෝටර් රථ සන්නාම ඉලක්ක වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
















