දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර භූමියේ පිහිටි පුස්තකාලය, ලේඛනාගාරය ඇතුළු කාර්යාල පරිශ්‍රයන් පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වන බව එම ආරංචි මාර්ග තහවුරු කරයි. බන්ධනාගාරය තුළ සාමාන්‍ය රැඳවියකු ලෙස කටයුතු කරන හිටපු ඇමැතිවරයා, එහි නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලීව කටයුතු කරමින් සිටින බව ද එහිදී වැඩිදුරටත් වාර්තා වේ.
















