ජාත්‍යන්තර පාපන්දු ක්ෂේත්‍රය උඩුයටිකුරු කරමින්, ෆිෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) මහතාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට යුරෝපීය පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් පියවර ගෙන ඇත. ලෝක කුසලාන තරගාවලියේ විනිවිදභාවය කෙලෙසමින් ෆිෆා සභාපතිවරයා දේශපාලන බලපෑම් මත පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට මෙහිදී බරපතළ චෝදනා එල්ල වී තිබේ.
මෙම අර්බුදයට මුල් වී ඇත්තේ බොස්නියාවට එරෙහි තරගයේදී විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් ‘රෙඩ් කාඩ්’ (Red Card) ලැබූ ඇමෙරිකානු ක්‍රීඩක ෆොලරින් බොලෝගන්ගේ තරග තහනම, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ෆිෆා සභාපතිවරයා වෙත ලබාදුන් දුරකතන ඇමතුමකින් පසු අසාධාරණ ලෙස අවලංගු කර තිබීමයි. ඒ හේතුවෙන් ඔහුට කිසිදු තහනමකින් තොරව බෙල්ජියම සමඟ පැවැති තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබේ. ෆිෆා ආයතනයේ මෙම අමුතු නීතිමය තීරණය සහ දේශපාලන ඩීල්වලට එරෙහිව යුරෝපය පුරා දැඩි කෝපයක් හටගෙන ඇති අතර, යුරෝපීය පාර්ලිමේන්තුව දැන් මෙහි අනුග්‍රාහක ගැටලු සහ දේශපාලන බලපෑම් පිළිබඳව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
















