• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෑම කෙනෙකුටම නිවසක්

14 July 2018
in සංවර්ධන

රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්,නිවසක්,ආදායමක් ලැබෙන පරිසරයක් සැකසීම බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ගැටළුව විශාල කාලයක සිට පැවතියද පසුගිය කාලයේ සිදු වූ බව අමාත්‍යවරයා පැවසිය. 

පුරුවැසියන්ගේ ඉඩම් හිමිකම් ගැටළුව විසදීම වෙනුවට පුරවැසියන්ගේ ඉඩම් දේශපාලක බලවතුන් විසින් අත්පත් කර ගැනීම බව අමාත්‍යවරයා පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ ( 13 ) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින්.

ලංකාවේ ඉඩම්වල පෞද්ගලික හිමිකම් පැවරීම පෘතුගීසි සමයේ මුහුදුබඩ ප්‍රදේශවලින් ආරම්භ වී ඇති බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා, නමුත් අදටත් තමන්ට කියා ඉඩම් කැබැල්ලක් නැති විශාල පිරිසක් මේ රටේ ජීවත්විම කණගාටුදායක තත්ත්වයක් බව මෙහිදී අනාවරණය කළේය.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටින අවධියේ ජනතාවගේ ඉඩම් ගැටළුව ගැන තමාට හොඳ අවබෝධයක් ලැබුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ නිසා මෙම තත්ත්වය නිසා ජනතාව පසුවන්නේ තම ඉඩම්වල වගාවන්ට රජයෙන් ලබා දෙන සහනාධාරයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක බව පැවසීය.ගලිගමුව වැනි ප්‍රදේශවලදී තමාට ලැබුණු අත්දැකීමක් පැහැදිළි කළ අමාත්‍යවරයා එහිදි ජනතාව තමන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ගෙවීමට සිදු වී ඇති තක්සේරු මුදල අඩු කර දෙන ලෙස ඉල්ලා සිටි බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද විශාල සහනයක් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ වැඩ පිළිවෙල හරහා ලැබෙන බව අවධාරනය කළේය.

මේ ආකාරයට කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් තමන් ජීවත්වන භූමියට වසර පනහක හැටක ඉතිහාසයක් ඇතත් එම ඉඩම්වල හිමිකම පැවරි නොමැති අය බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ ගැටළු නිරාකරණය කර දී කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු දෙනා ඉඩමක් හිමි පුරවැසියෙක් බවට පත් කිරිමට අවශ්‍යය ආශිර්වාදය ලබා දෙන ලෙස ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

වතු කම්කරුවන්ගේ ඉඩම් ගැටළුව ගැන ද ගයන්ත අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ අමාත්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බොහෝ වතු අද සමාගම් යටතේ පාලනය වුව ද,වතු කම්කරුවන්ට පර්චස් හතක නිශ්චිත හිමිකමක් පැවරෙන අකාරයට රජය ගෙන යන ප්‍රතිපත්තියට අනුව එම වතු සමාගම්වලින් වතුකරයේ ජනතාවටද අවශ්‍යය ඉඩම් හිමිකම ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

 

Post Views: 15
Previous Post

මහින්ද වෙනස් වෙලා නෑ

Next Post

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

editor

editor

Next Post

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved