27 July 2024
#දේශීය

විභාග සම්බන්ද අවසන් තීරණය PCR පරික්ෂණ වාර්තාවලින් පසුව – රජය

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය පිළිබඳ අවසන් තීන්දුව හෙට දවසේ ලැබෙන PCR පරීක්ෂණ වාර්තා අනුව තීරණය කරන බව රජය පවසයි.

අද (06) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ඒ සම්බන්දයෙන් තීරණය හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගනු ලබන බවයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 11 වනදාත් උසස් පෙල විභාගය 12 වනදා පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *