අද උදෑසන කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ සිදු වූ ප්‍රබල පිපිරීමකින් එහි සිටි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. තුවාලකරු කඩිනමින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පිපිරීමේ ප්‍රබලතාවය හේතුවෙන් තානායමේ වහලයට සහ එහි තිබූ ගෘහ උපකරණවලට දැඩි දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙම පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය ගෑස් කාන්දුවක් නිසා සිදු වූවක් ද නැතහොත් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳව කැකිරාව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
















