• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2017 බෝට්ටු අපනයනයෙන් ඩොලර් මිලියන 97 ක ආදායමක්

18 June 2018
in සංවර්ධන

2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට 50% කින් වැඩි කර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති බෝට් ෂෝ ශ්‍රී ලංකා 2018 බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පිළිබදව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බෝට්ටු නිෂ්පාදන අපනයනය මගීන් ඩොලර් මිලියන 97 ක (රුපියල් මිලියන 15,520) ආදායමක් උපයා තිබෙන බවයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම බෝට් ෂෝ ශ්‍රි ලංකා 2018 බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය සංවිධානය කරනු ලබයි. මෙවැනි ප්‍රදර්ශනයක් මුලින්ම ආරම්භ කරනු ලැබ්වේ 2008 වසරේදීය. ඉන් අනතුරුව 2010-2012-2014 හා 2016 වසර වලදීද මෙම බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පැවැත්වුණි. මෙය දකුණු ආසියාවේ වඩාත් ඉලක්කගත හා විශාලතම ප්‍රදර්ශනය ලෙස පුචලිතය. මේ නිසා ශ්‍රී ලංකාවේ බෝට්ටු කර්මාන්තයට ශක්තිමත් අපනයන වෙළෙද ජාලයක් නිර්මාණය වී ඇත. මෙවර බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පැවැත්වෙන්නේ 2018 ඔක්තෝබර් 26 සිට 28 දක්වා ගාල්ල වරායේ යොට් යාත්‍රාංගනයේදීය.මෙම ප්‍රදර්ශනය වෙළෙද කුටි 80 කින් සමන්විත වන බව බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනය සදහන් කරයි.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනයේ සභාපති නීල් ප්‍රනාන්දු මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් හා ව්‍යාපාරිකයන් සහභාගී විය.

Post Views: 7
Previous Post

මාෆියාව හරිම දරුණුයි

Next Post

මහින්දව අගමැති කරන්න 16 කල්ලියට බෑ

editor

editor

Next Post

මහින්දව අගමැති කරන්න 16 කල්ලියට බෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved