පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 355.84ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙට්ටිආරච්චි සඳහන් කළේ එම කාලය තුළට වාහන 915,735ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවයි.
ඒ අනුව, පසුගිය දින පහක කාලය අතර තුළ අධිවේගී මාර්ගවලින් දළ වශයෙන් රුපියල් කෝටි 60කට ආසන්න ආදායමක් දිනකට උපයා ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර තිබේ.
















