Facebook වෙබ් අඩවියට පිවිසීමේදී පරිශීලකයින්ට මතු වී තිබූ හදිසි තාක්ෂණික දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය වී ඇති බව වාර්තා වේ. Desktop සහ Web Browser භාවිතයෙන් ලොග් වීමේදී මතු වූ “Account Temporarily Unavailable” යන පණිවිඩය මේ වන විට ඉවත් වී ඇති අතර, පරිශීලකයින්ට කිසිදු බාධාවකින් තොරව නැවත තම ගිණුම් භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත.
අඩවියේ පවතින අභ්‍යන්තර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම ගැටලුව මතු වූ බවත්, එය කෙටි කාලයක් තුළදී නිරාකරණය කිරීමට Meta සමාගමේ තාක්ෂණික අංශ පියවර ගත් බවත් වාර්තා වේ. ලොව පුරා පරිශීලකයින් විශාල පිරිසකට බලපෑ මෙම ගැටලුව නිරාකරණය වීමත් සමඟම Downdetector වැනි සේවා නිරීක්ෂණ වේදිකාවල වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව ද මේ වන විට සීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.














