ගොවීන් විසින් නෙළා ගන්නා වී අස්වැන්න රජයටම ලබා දිය යුතු බවට කිසිදු නියමයක් නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. පෞද්ගලික අංශයට තම අස්වනු අලෙවි කිරීමට ගොවීන්ට පූර්ණ අවස්ථාව පවතින බවත්, රජය වී මිලදී ගන්නා මිලටම පෞද්ගලික අංශය ද වී මිලදී ගැනීමට බැඳී සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. රජයට මෙන්ම පෞද්ගලික අංශයටත් වී ලබා දීම මගින් ගොවි ජනතාව වත්මන් වෙළඳපොළ තුළ මුහුණ දෙන ගැටලු නිරාකරණය කරගත හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















