ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මීට මාසයකට පෙර ඇති කරගත් ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම (MoU) මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඇමරිකාව විසින් නැවත වරක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් සිදුකරන ලද නාවික බාධා කිරීම් සහ ඉරාන ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාර මෙම ගිවිසුම ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි මහතා පවසයි.මෙම ගිවිසුම යටතේ පැවැති සියලුම බැඳීම් සහ වගකීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවත්, තම රටේ ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඕනෑම තීරණාත්මක පියවරක් ගැනීමට ඉරානය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. දෙරට අතර පැවැති සාම සාකච්ඡා අසාර්ථක වීම සහ ඇමරිකාව ගිවිසුමේ කොන්දේසි පාවාදීම හේතුවෙන් ගිවිසුම තවදුරටත් වලංගු නොවන බව ටෙහෙරානය ප්‍රකාශ කර ඇත. මේ වන විට කලාපය තුළ යළිත් වරක් යුධ වාතාවරණයක් උද්ගතව ඇති අතර, දෙරට අතර සෘජු හමුදාමය ගැටුම් තීව්‍ර වෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















