වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා මහියංගණයේ ගොවි සංවිධාන 5ක ගොවීන් පිරිසක් පසුගිය 18 වන දින උදෑසන මහියංගණ නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ.මහියංගණ නගරයේ බුද්ධගයා අනුරුව අසල සිට පෙළපාලියකින් නගරයේ ඔරලෝසු කණුව අබියසට පැමිණි ගොවියෝ, අත්ට්‍රැක්ටරයක වී මලු හා වී කිරණ උපකරණ ද පටවාගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවට එක්වූහ. පා ගමනින් පැමිණෙන විරෝධතාකරුවන් නිසා මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතු වන බව පවසමින් පොලිසිය උද්ඝෝෂකයන් මාර්ගයේ අයිනට යොමු කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සහ පෙළපාලිකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා (සජබ) ද මෙම පෙළපාලියට එක්වී සිටි අතර, රටේ ගොවියාට අයහපත් කාලයක් උදාවී ඇති බවත් වීවලට නිසි සාධාරණ මිලක් නොලැබෙන බවත් ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.














