කණ්ඩායම් 48ක්, මූලස්ථාන කඳවුරු 36ක් සහ ක්‍රීඩාංගණ 11ක් ඇතුළත් කරගනිමින් අද (11) නිල වශයෙන් ආරම්භ වන FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය, ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සිය ඉතිහාසය තුළ මුහුණ දෙන දැවැන්තම ආරක්ෂක අභියෝගය බව එහි අධ්‍යක්ෂ කාෂ් පටෙල් (Kash Patel) මහතා පවසයි.
රාජ්‍ය නායකයන් ඇතුළු මිලියන 3කට අධික සංචාරකයන් පිරිසක් පැමිණෙන මෙම තරගාවලිය සඳහා ඩ්‍රෝන ප්‍රහාර, ත්‍රස්තවාදී තර්ජන, සමූහ වෙඩි තැබීම්, සයිබර් ප්‍රහාර සහ ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගෙන් එල්ල විය හැකි අවදානම් රැසක් හඳුනාගෙන ඇති බව FBI ජෙට් යානය තුළ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් දේශීය පොලිසිය, දේශභූමි ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සහ විදේශීය ආරක්ෂක අංශ ඒකාබද්ධ කරගනිමින් ඇමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ආරක්ෂක ජාලය ක්‍රියාත්මක කර ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















