ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිල හදිසි ඇමතුම් අංකය (110) කාර්මික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව විසන්ධි වී තිබේ. මේ හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විකල්ප පියවරක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සමඟ අනුයුක්තව මෙම සේවාවන් සම්බන්ධීකරණය කෙරේ.
ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා වන ගිනි ගැනීම් ඇතුළු හදිසි අනතුරු පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි 117 අංකය අමතා දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අක්‍රීය වූ ප්‍රධාන ඇමතුම් පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් මෙම විකල්ප දුරකථන අංකය ඔස්සේ ගිනි නිවීමේ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















