27 April 2024
#සංවර්ධන

සහන මිළට මාලු බෙදාහැරිම සිග්‍රයෙන් ව්‍යාප්ත කරනවා – ධිවර අමාත්‍ය ඩග්ලස්

පාරිභොගිකයන්ට සහන මිළට මාලු බෙදාහැරිමේ වැඩපිළිවෙල සිග්‍රයෙන් ව්‍යාප්ත කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) ලංකා ධිවර සංස්ථාවේ මීරිගම සහ පෑලියගොඩදි වෙළදසැල් දෙකක් විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

ලංකා ධිවර සංස්ථාව අතිතයේ සිට ධිවර ප්‍රජාව රැක ගනිමින් ජනතාවට පෝෂදායි ආහාර වේලක් ලබාදිමේ අරමුණින් ක්‍රියාත්මක වන අතර පසු ගිය කොරෝනා සමයේදි ධිවරයන් නෙලාගන්නා මත්ස්‍ය සම්පත අපතේ යාමට නොදි මිළදි ගනිමින්, සංස්ථාව සතු පහසුකම් යොදා ගනිමින් පාරිභෝගිකයාගේ නිවෙස් වෙත ලබා දිමට කටයුතු කළ අතර ඉදිරියේදි මත්ස්‍ය ජංගම අලෙවිසැල් අරම්භ කරමින් සංස්ථාවේ සේවාව තව තවත් පාරිභෝගිකයාට සමිප කරලිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනිමේ ගැටලුවක් මතුව ඇති බව ජනාධිපතිතුමන් ඇතුලු වත්මන් රජය අවබෝධ කරගෙන සිටින අතර ඒ සදහා යම් සහන වැඩපිළිවෙලක් නුදුරේදිම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් එයට ධිවර අමාත්‍යංශය ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවයත්ය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධිවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ලංකා ධිවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, කළමණාකර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *