27 April 2024
#සංවර්ධන

මාතලේ නිල් කටරොලු මල් වගාව ප්‍රචලිත කිරිමට පියවර

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ තම ගම තුල නිපදවිය හැකි දෑ ගම තුලම නිෂ්පාදනය සඳහා දිරිගැන්වීමත්, එමඟින් ග්‍රාමීය වශයෙන් නව ව්‍යාපාර අවස්ථා සඳහා මංපෙත් විවර කර දීමත් යන අරමුණ පෙරදැරිව නිල් කටරොළු මල් වගාව සහ ඒ ආශ්‍රිත අගය වැඩි කළ නිෂ්පාදන සිදු කිරීමේ ව්‍යාපෘතියක් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොහොඹිළිවෙල ග්‍රාම නිලධාරී වසම තුළ අරඹන ලදී.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන දියත් කෙරේ.

මේ සඳහා ‍ප්‍රතිලාභීන් විසි දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රථම අදියරේදී තෝරාගත් අතර, ඔවුන් සඳහා පොකුරු නිල් කටරොළු මල් බීජ ලබා දීම සහ කටරොළු වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

දෙස් විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් දීර්ඝකාලීන ව්‍යාපෘතියක් ලෙස මෙම කාර්යය පවත්වාගෙන යාමට කටයුතු සංවිධානය කෙරෙන අතර, නිල් කටරොළු මලෙන් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා උකුවෙල විදාතා සම්පත් මධ්‍යස්ථානය ප්‍රමුඛ කොහොඹිලිවල ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරී ඇතුළු කණ්ඩායම විසින් සිදු කෙරෙනු ලැබේ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *