• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ධීවර කර්මාන්තය ආශ්‍රිත අපනයනකරුවන්ගේ බලාපොරොත්තු ඉටුකරනවා – අමාත්‍ය ඩග්ලස් පවසයි

23 September 2020
in දේශීය

ධීවර කර්මාන්තය ආශ්‍රිත අපනයනකරුවන් මුහුණ පා සිටින ගැටළු රැසක් පවතින බවත් ඒවාට යහපත් විසඳුමක් ලබා දීමට රජය සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සකස් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 19 වන දින ධීවර අමාත්‍යාංශයේ දී ධීවර කර්මාන්ත ආශ්‍රිත අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාවට සහභාගී වු අපනයන සංගමයේ නියෝජිතයින් ධීවර කර්මාන්තය ආශ්‍රිත නිශ්පාදන අපනයනය කිරීමේ ක්‍රමවේදය නවීන තාක්ෂණයට අනුව ක්‍රමවත්ව කල යුතු බවත් මෙම ක්ෂේත්‍රයේ දැනට පවතින වැරදි සහගත ක්‍රමවේදයන් නිවැරදි කිරීම සදහා දැඩි පියවරක් ගත යුතු බවත් පෙන්වා දුන්හ.

අපනයන ආදායමෙන් 80% පමණ ලබා ගන්නා ටූනා වර්ගයේ මත්ස්‍යයන් ලෝකයේ පවතින කාලගුණ විපර්යාස හේතුකොට ගෙන වඳ වී යන බවත් එම නිසා ධීවර යාත්‍රාවලින් අල්ලා ගනු ලබන මසුන් ආරක්ෂා සහිතව ගොඩට ගෙන ඒම සදහා ඒවා ගබඩා කිරීම සඳහා කාලෝචිත පියවර ගත යුතු බවද සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ධීවර හා කෘෂිකර්මාන්ත ක්ෂෙත්‍ර පිළිබදව මේ රජය වැඩි අවධානය යොමු කොට එම අංශයන්ගෙන් රට ස්වයංපෝෂිත කොට අපනයනය වැඩි කිරීම සදහා වත්මන් රජය ක්‍රියාකරගෙන යන බවත් එම නිසා අපනයනකරුවන් මුහුණ දෙන අපහසුතාවයන් මග හැරීමට සැලසුම් සකස් කර ඇති බවත් ධීවර ක්ෂේත්‍රය හා සම්බන්ධ අපනයනකරුවන්ගේ සියලු ගැටළු ජනාධිපතිවරයාගේ හා එතුමාගේ උපදේශක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර විසදීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

 

Post Views: 11
Previous Post

වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කළ බව සභාපති විනෝද් පවසයි

Next Post

මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

editor

editor

Next Post

මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved