පසුගිය දින (30) දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මහියංගණය පොලිස් වසමේ කෙසෙල්පොත ඉකිරියගොඩ අතුරු මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 22 හැවිරිදි මාපාකඩවැව් ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. වැලිවේරිය දෙල්ගොඩ මාර්ගයේදී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී ත්‍රීරෝද රථයේ සහ විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 59 හැවිරිදි හේනේගම ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු මියගොස් ඇත. පින්දෙණිය පොලිස් වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේදී යතුරුපැදියක් පදිකයෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 70 හැවිරිදි අරුක්ගම්මන ප්‍රදේශයේ පදිංචි පදිකයා මියගොස් ඇත.මීරිගම ගිරිඋල්ල පස්යාල මාර්ගයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 53 හැවිරිදි පස්යාල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු මියගොස් ඇත. ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේදී ලොරි රථයක් මාර්ගයේ අයිනේ ගමන් ගත් පදිකයෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 46 හැවිරිදි හිරණ, පානදුර ප්‍රදේශයේ පදිංචි පදිකයා මියගොස් ඇත. අදාළ අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















