හුංගම, කලමැටිය මුහුදේ දිය නෑමට ගොස් සිටියදී ඊයේ (30) සවස අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) උදෑසන සොයාගෙන තිබේ. අතුරුදන් වූ සිසුන් අතර වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවන පිරිසක් සිටි අතර, මියගිය සිසුන් දෙදෙනා වයස අවුරුදු 18 සහ 12 වියේ පසුවන්නන් වේ.මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය පවසයි. මේ වන විටත් අතුරුදන්ව සිටින අනෙක් සිසුවා සොයා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතී.
















